ආපසු
කුරුණෑගල දිස්ත‍්‍රික් සමුපකාරයෙන් මාලිමා පිලට ලොකු පරාජයක්.
දේශපාලන

කුරුණෑගල දිස්ත‍්‍රික් සමුපකාරයෙන් මාලිමා පිලට ලොකු පරාජයක්.

2026-02-16 04:40 5 බැලීම්
කුරුණෑගල දිස්ත්‍රික් සමූපකාර නිලවරණයේදී ආණ්ඩුව හිතවාදී කණ්ඩායම අභිබවා යමින් විපක්‍ෂ හිතවාදී කණ්ඩායම කැපී පෙනෙන ජයග්‍රහණයක් අත්කර ගැනීමට සමත්ව තිබේ.
එහිදී විපක්ෂය ඡන්ද 79ක් ලබා ගනිමින් බහුතර බලය තහවුරු කරගත් අතර, ආණ්ඩුව හිතවාදී කණ්ඩායමට හිමි කරගත හැකි වූයේ ඡන්ද 21ක් පමණි.

කෙසේ වෙතත්, මෙම ප්‍රතිඵලය නිකුත් වීමෙන් අනතුරුව ප්‍රචණ්ඩකාරී සිදුවීමක් වාර්තා විය.

එහිදී හිටපු කුරුණෑගල දිස්ත්‍රික් සමූපකාර උප සභාපතිවරයෙකු මෙන්ම මෙවර විපක්ෂය නියෝජනය කළ අපේක්ෂකයෙකු වන අශෝක සුජීව වලාකුල්පොළ මහතා අමානුෂික මැර ප්‍රහාරයකට ලක්ව ඇත.


එම ප්‍රහාරයෙන් බරපතළ තුවාල ලැබූ ඒ මහතා ප්‍රතිකාර සඳහා මේ වන විට කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ.